ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවේ සැකකාරියක වන එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන (20) දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස් බෝදරගම අද (06) නියෝග කළේය.
තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එදිනට තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස් බෝදරගම බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධියට අදාළව සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (06) දින අධිකරණයට ඉදිරිපත් කළේය.
