ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණිට දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත අද (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (03) වනදා නියෝග කළේය.

ඒ අනුව අද (06) දින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (20) වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක විසින් නියෝග කර ඇත.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් ලබන (20) වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වරුණි බෝගහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය විය.

තවද, ඇය සතුව තිබූ නවීන මෝටර් රථයද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel