සනත් වෙනුවට ජගත් පාර්ලිමේන්තුවට.!

හදිසි අනතුරකට ලක්ව ජීවිතයෙන් සමුගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එල්.කේ. ජගත් ප්‍රියංකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමෙන් පසු එම ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර තෝරාපත් කරගත් බව එම ගැසට් නිවේදනයේ සදහන් කර ඇත.

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ජගත් ප්‍රියංකරට හිමි වන අතර ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස මේ වනවිට කටයුතු කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS