අම්පාරේ රියදුරෙකුට පහර දී වෘෂණ කෝෂයක් අහිමි කළ පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්.!

මන්නාරම – මැදවච්චිය මාර්ගයේ ලොරි රථයක් අණ නොතකා ධාවනය කළා යැයි පවසමින් රියදුරුට පහරදී එම පහරදීම් හේතුවෙන් ඔහුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා අද (08) මැදවච්චිය මහේස්ත්‍රාත් නිමේෂා ධර්මදාස හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී ලබන15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් පදවිය සහ කැබතිගොල්ලෑව පොලිස් ස්ථානවල මේ වන විට සේවය කරන බවත්ය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS