රෝගී තත්ත්වය උඩු දුවයි.. සරසවියේ පීඨය වසා දමයි.!

අද (16) දිනයේ සිට සතියක කාලයක් සිසුන් අතර පැතිර යන උණ, වමනය සහ පාචනය යන රෝගී තත්ත්වය  පාලනය කිරීම සඳහා වයඹ විශ්ව විද්‍යාලයේ මාකඳුර පරිශ්‍රය වසා තැබීමට තීරණය කළ බව වයඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර සදහන් කරයි.

මේ වනවිට පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සිසුන් අතර පැතිරී යන රෝගී තත්ත්වය කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ සිසුන්ටද පැතිරීයාම වැලැක්වීම සඳහා මෙම තීරණය ගත් බවද ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර සදහන් කරයි.

පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සහ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන යන පීඨ දෙකෙහිම සිසුන් 1800 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල නිරතවන බවද ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS