පාඨලීට එරෙහි නඩු විභාගයට නියෝගයක්.!

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමට චෝදනා ලබාසිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close