“ඔබතුමා ඇමති.. මහ බැංකු හොරා ජනාධිපති” අනුර ආණ්ඩුව පතුරු ගහයි.!

රටේ නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බවත් තෝරු මෝරු නීතියෙන් ගැලවෙන බවත් මෙය චෞර වළල්ලක් බවද ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක අද (06) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

රටේ තිබෙන එම දූෂිත වළල්ල මැඩ පැවැත්වීමට ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බවත් නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවක් බවත් අප අහුවෙන්නෙ නැති බවද මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

දුෂිත වළල්ලේ දේශපාලන අධිකාරියේ කිහිපදෙනෙක් සිටින බවත් දුෂිත වළල්ලේ ඉහළ නිලධාරීන්ගේ කිහිපදෙනෙක් සිටින බවත් පොලීසියේ කිහිපදෙනෙක් සිටින බවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් සිටින බවද මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,

“අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්ද.? නයා ගේ ප්‍රශ්නයක්ද.? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්. දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකුට දඬුවම් දෙන්නේ නෑ. ඒක නිකං අපේක්ෂිත ඇප වගේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරනවා මහාධිකරණයෙන් කෝටි දෙකහමාරක දඩයක් ගහපු, ලක්ෂ විස්සක වන්දියක් නියම කරපු, අවුරුදු හතරකට ඇග බැදපු, අධිකරණයෙන් තීන්දු වු කෙනෙක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරනවා..

2019 මහ බැංකුවේ මහා දුෂිතයට, රනිල් වික්‍රමසිංහට දඩුවම් ලබාදීමට ජනවරමක් ඉල්ලුවා.. ඒ අධිකරණ ඇමතිතුමාගේ කතා මම කියන්නම්.. ඔබතුමා කීවෙ නැද්ද මහ බැංකුවේ මහ වංචාවක් සිදුවී තිබෙන බවත්, ඒකට රනිල් වික්‍රමසිංහ හවුල් බවත්, ඔබතුමා කීව ප්‍රකාශ මම ගාව තියෙනවා..

දැන් මොකද වී තිබෙන්නේ.. ඔබතුමා ඇමති, මහ බැංකු හොරා ජනාධිපති.. දැන් මම අහන්නේ නීතියේ ප්‍රශ්නයක්ද තියෙන්නේ.”

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS