අද (23) සිට ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද සදහන් කරයි.
විභාග පැවැත්වෙන දිනයන්හි දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, යතුරුපැදි සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ආරක්ෂාව සැපයීමට නිලධාරීන් යොදවා ඇති බවද සදහන් කරයි.