ස්පා 53 ක් වසා දැමේ.. සේවිකාවන්ට HIV ඒඩ්ස්.!

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කලේ මීගමුව කොච්චිකඩේ සහ සීදූව යන ප්‍රදේශවල සිදුකල විශේෂ වැටලීමකදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 53ක් හදුනාගත් බවත් එම ස්ථානවල සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගත් බවත්ය.

ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ එම පිරිස අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කල බවත් එතුමා ප්‍රකාශ කලා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරේ එම ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් අතරින් දෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී තහවුරු වූ බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close