රඹුක්කන ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අමානුෂික ලෙස වද දී ඝාතනය කළේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී (15) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ එම තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී පසුගිය 12 වනදා සොයාගත්තේය.