ස.ජ.බ කූඨ ප්‍රයත්නයක් අතේ පත්තු වෙයි.. අනුරට යකු නගී.!

පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී පැවති ස.ජ.බ ජන හමුවක් ඇතරතුර ජවිපේ සාමාජිකයෙකු සමගි ජනබලවේගය හා එක්වූ බවට ස.ජ.බ විසින් මාධ්‍ය හරහා සිදුකළ ප්‍රචාරය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් බව ප්‍රකාශ කරමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ, එම පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු බවයි.

ඔහු මන්නාරම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියේ, පොළොන්නරුව මහ නගර සභාවට බැඳිවැව කොට්ඨාශයෙන් තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදුන් සමන් කුමාර යන පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නිදහස් පක්ෂ සාමාජිකයන් අද සජබෙට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් බවට පත්ව ඇති බවත් මීට හේතුව වනුයේ මොනයම් ආකාරයකින් හෝ ජනතාව රවටා බලය ලබාගැනීම බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close