LIVE
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම ක්‍රියා විරහිත කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
එම ඉඩම උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) කරුණු වාර්තා කළේය.
අනතුරුව දින 14ක කාලයක් සදහා අදාළ ඉඩම ක්‍රියාවිරහිත කර ඇති අතර ඒ පිළිබද හිමිකම් ඉදිරිපත් කිරීමට එම කාලය ලබාදී ඇත.
