LIVE
දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) නිල වශයෙන් හෙට (20) දින ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන ගාල්ල, බටදූව පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් හෙට (20) නිල වශයෙන් විවෘත කර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරනු ලබයි.
ප්‍රථම වරට දකුණු පළාත කෙන්ද්‍ර කර ගනිමින් පරික්ෂණ කාලයකින් පසුව ජාතික විදුලි පද්ධතියට මෙම බලාගාරය සම්බන්ධ කරන අතර මේ වනවිට මාතර ප්‍රදේශයේ ද මෙවැනිම පද්ධතියක් ස්ථාපිත කරමින් පවතියි.
