ඉරානයට සමාව දෙන්නේ නෑ.. පෙරළා පහර දෙනවා.!

ඊශ්‍රායලය යනු ශක්තිමත් රටක් බවත් රටට හානි කරන අයකුට සමාව නොදෙන බවත් එයට පෙරළා පහර දෙන බවද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරයි.

තම රටට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය සමඟ ඕනෑම මොහොතක ගැටුමකට යෑමට තමන් සූදානම් බවත් ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බවද ඊශ්‍රායල අගමැතිවරයා සදහන් කරයි.

ඊශ්‍රායල අගමැතිවරයා තවදුරටත් සදහන් කළේ,

” ඉරානය වසර ගණනක් තිස්සේ අපට පහර දෙන්න බලාගෙන හිටියා. දැන් ඔවුන් එය කළා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය අප සමඟ සිටීම අපට ලොකු ශක්තියක්.‍ ඊශ්‍රායලය යනු ශක්තිමත් රටක්.

නොසැලෙන රටක්. අපට ඉන්නවා ශක්තිමත් හමුදාවක්. ශක්තිමත් රට වැසියන් පිරිසක්. අපට හානි කරන අයකුට අප සමාව දෙන්නේ නැහැ. අප පෙරළා පහර දෙනවා. අපට පහර දුන්නොත්, පෙරළා පහර දී ආරක්ෂා වෙන්න අපට අයිතියක් තියෙනවා.”

පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට දිගු දුර බැලස්ටික් මිසයිල 120කට වැඩි ප්‍රමාණයක්, ඩ්‍රෝන යානා 170කට වැඩි ප්‍රමාණයක් සහ කෲස් මිසයිල 30කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බව ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close