අගරදගුරු පිහි ඇනුමකට ලක්වේ.!

ඕස්ට්‍රේලියාවේ Good Shepherd දේවස්ථානයේ දේව මෙහෙයක් අතරතුර අගරදගුරු මාරි එමානුවෙල්ට පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

අගරදගුරු පිහි ඇනුමට ලක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ  හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී පුද්ගලයෙක් විසින් අගරදගුරු සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට තියුනු ආයුධයකින් පහරදී ඇති බව නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය.

සිදුවීම් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අගරදගුරු සහ පිහි ඇනුමට ලක්වූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නිව් සවුත් වේල්ස් පොලිසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close