LIVE
අද (04) දින රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙක් ඝාතනය කර ඇත.
අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 74ක් වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා බව වාර්තා වේ.
