නියමිත දිනය පසුවී 2026-08-31 දක්වා වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් කළ තැනැත්තන්ගෙන් පරිපාලන දඩ මුදල් අයකර ගැනීමට පෙර, ඒ සඳහා හේතු දැක්වීමට අවස්ථාව ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.
දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තියට අනුව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදල අය කිරීමට නීත්‍යානුකූල හැකියාවක් ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේ වුවද අදාළ ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් පවතින්නේ නම්, ඒ බව තහවුරු කිරීමේ ලේඛන ද සමග සැප්තැම්බර් මස (30) දිනට හෝ ඊට පෙර ලිඛිතව කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස දන්වා ඇති අතර ලිඛිත හේතු දැක්වීමේදී ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.
සැප්තැම්බර් (30) වන විටත් කිසිදු හේතු දැක්වීමක් නොලැබුණහොත්, ප්‍රමාදය පිළිබඳ දැක්වීමට සාධාරණ හේතුවක් නොමැති බව සලකා පනතේ ප්‍රතිපාදන වලට අනුව අදාළ පරිපාලන දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

