Advertisements
Advertisements

පෙට්‍රල් මිල අඩු කරපු නිසා මාර්ග තදබදය වැඩි වෙනවා

LIVE

පෙට්‍රල් මිල ගණන් අඩු කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩිවීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොකිරීම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයට යම් සහනයක් ලැබී ඇති බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

පසුගිය කාලයේ ඉන්ධන පරිභෝජනයෙන් වැඩි ප්‍රමාණයක් ඩීසල් සඳහා වෙන්වී තිබූ බවත් ඩීසල් මිල වැඩි වීම සහ අඩු වීම පෞද්ගලික බස් කර්මාන්තයට විවිධ ආකාරයේ බලපෑම් ඇති කරන බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,

ඩීසල් වැඩි නොවීම හෝ අඩුවීම අපට යම් ගැටලුවක් වෙනවා. වැඩි වුණත් ප්‍රශ්නයක් වෙනවා. අඩු වුණත් ප්‍රශ්නයක් වෙනවා. මෙවර මේ මාසෙදී ඉන්ධන ගැලපුමේදී වෙනස් නොකර තිබීම ඩීසල් වලට විශේෂයෙන්ම පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් අපි දකිනවා දැන් පෙට්‍රල් අඩු කිරීම තුළ තවදුරටත් විශේෂයෙන්ම මේ මාර්ග තදබදය දිගින් දිගටම වැඩි වෙනවා. මා මේ දිනවල විශේෂිත සමීක්ෂණයක් කරගෙන යනවා.”

7 Comments
Most Voted
Newest Oldest