Advertisements

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

LIVE

දේශීය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම දේශීය සාදන්නෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පහත සඳහන් කර ඇති ටින් කළ මාළු වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් නියම කරනු ලබන බව එහි දැක්වෙයි.

ග්‍රෑම් 155ක ටූනා ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කර තිබෙන අතර ග්‍රෑම් 425ක ටූනා ටින් එකක උපරිම මිල රුපියල් 510ක් ලෙස නියම කර ඇත.

ග්‍රෑම් 155ක මැකරල් ටින් එකක් රුපියල් 240ක් ලෙස නියම කර ඇති අතර ග්‍රෑම් 425ක මැකරල් ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 540ක් ලෙස නියම කර ඇත.

ජැක් මැකරල් ග්‍රෑම් 155ක ටින් එකක් රුපියල් 260ක් ලෙස නියම කර ඇති අතර ග්‍රෑම් 425ක ටින් එකක් රුපියල් 600ක් ලෙස නියම කර ඇත.

මෙම නියෝගය 2026 සැප්තැම්බර් මස (05) වනදා සිට බලපැවැත්වෙනු ඇත.

0 Comments
Most Voted
Newest Oldest