Local news

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කරයි.!

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කරයි.!

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කිරීමට 2026 ඉන්දීය අයවැයෙන් යෝජනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දිය රජය විසින් 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට මෙම මුදල ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

හදිසි නීතිය දීර්ඝ කරයි.!

හදිසි නීතිය දීර්ඝ කරයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2025 නොවැම්බර් (28) දිනැති ගැසට් පත්‍රයේ රෙගුලාසි සහ විධිවිධාන කිහිපයක් සංශෝධනය කර ඇත.

මාවයි අම්මාවයි හිරේට දැම්මත් මේවා වහන්න බෑ.!

මාවයි අම්මාවයි හිරේට දැම්මත් මේවා වහන්න බෑ.!

ප්‍රාදේශීය සභා මැතිවරණය වනවිට තම දේශපාලන බලවේගය ඉතා ශක්තිමත් ලෙස ගොඩනැගුණ බවත් විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් රටේ දරුවන්ගේ මනස විකෘති කරන සහ රටේ සංස්කෘතියට නොගැලපෙන කරුණු විෂය නිර්දේශයට ඇතුළත් කිරීම නිසා ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

තමන්ව හෝ තමන්ගේ අම්මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවත් එසේත් නැතිනම් හිරගෙදරට දැම්මත් ආණ්ඩුවේ මහා පරිමාණ වංචා කිසිසේත් යටපත් කළ නොහැකි බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මාව, අපේ අම්මාව ඉතින් සීඅයිඩීයට ගෙනාවත් හිරගෙදර දැම්මත්, ආණ්ඩුවේ ගල් අගුරු වංචාව, මේ රටේ ආගමට දහමට සංස්කෘතියට, හෙළ සංස්කෘතියට කරන විනාශය, මහා සංඝරත්නයට සහ ආගමික නායකයන්ට කරන අසාධාරණය, කුඩු කන්ටේනර් පන්නපු එක, ආපදාවට ලක් වෙච්ච අසරණ ලක් වෙලා ඉන්න ජනතාව රවට්ටන්න බොරු චෙක් දීලා ඒ චෙක්වල මුදල් නැතිව ආයේ ඇවිල්ලා. ඕවා වහගන්න බෑ. වහගන්න පුලුවන් කියලා හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ.”

අව්වයි වැස්සයි තියෙන වෙලාවට සජිත්ට දේදුන්නක් නම් පෙන්නන්න එපා.!

අව්වයි වැස්සයි තියෙන වෙලාවට සජිත්ට දේදුන්නක් නම් පෙන්නන්න එපා.!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය විසින් සමාජයේ භීතිකාවක් නිර්මාණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

“නිකමට හරි, අපි ඇත්තටම කියන්න ඕන සජිත් ප්‍රේමදාසත් එක්ක වාහනේ යන ආරක්ෂකයන්ට ඔය අව්වයි වැස්සයි දෙකම තියෙන වෙලාවක දේදුන්නක් එහෙම දැක්කොත් සජිත්ට පෙන්නන්න එපා.

දැක්ක ගමන් සමලිංගික නැමියාවක් එන්න පුළුවන් පොරට. ඇත්තනේ. දැන් මේ පොතේ පිටකවරේ බලලා එහෙම එකක් එනවා නම්, දේදුන්නක් දැක්කාම එහෙම වෙනවා නම් අපෙ හාමුදුරුවනේ,

අපේ මේ අධ්‍යාපනයට තමන්ගේ දරුවා පිළිබඳව ඉතාම ආදරයෙන්, දරුවෝ හදන, වඩන, ඉස්කෝලේ යවන දෙමාපියන් බය කරන්න කියපු දේවල්.”

බණ්ඩාරගම පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

ඉන්ධන මිල සංශෝධනය කරයි.!

ඉන්ධන මිල සංශෝධනය කරයි.!

අද (31) දින මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවයි.!

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ලබන (03) වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ.

සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ කැඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර සිරි­ලිය ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 350ක් වැය කර ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති බවට විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස අල්ලස දූෂණය නාස්ති­යට එරෙහි සංවිධානය මේ වනවිට අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමිණිල්ලක් කර ඇත.

පුංචි දේ ලොකු කරගත් පියා තම 14 හැවිරිදි දියණිය ඝාතනය කරයි.!

පුංචි දේ ලොකු කරගත් පියා තම 14 හැවිරිදි දියණිය ඝාතනය කරයි.!

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය සඳහන් කරයි.

මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම ආරවුලේදී පියා විසින් කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දියණියට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකාර පිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක්.!

අති විශේෂ ගැසට් නිවේදනයක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මට නම් තේරෙන්නේ මොලේ මඤ්ඤං කියලා.!

මට නම් තේරෙන්නේ මොලේ මඤ්ඤං කියලා.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දැඩි විවේචනයක් කළේය.

හිටපු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ,

“උදේට ඉන්න විපක්ෂ නායක නෙමෙයි රෑට ඉන්නේ. එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට තව එකක් කියනවා.

දැන් ආණ්ඩුවට වුණත් මේක කල්දාන්න සිද්ධ වුණේ කල්දැමීම හැර ගන්න වෙන විකල්පයක් නොතිබුණ නිසා.

ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ආයෙ විපක්ෂ නායකතුමා කියනවා නම් තිබ්බ විදිහටම ගේන්න කියලා, මට නම් තේරෙන්නේ මොලේ මඤ්ඤං කියලා තමයි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

ගිනි අවි බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්.!

ගිනි අවි බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්.!

2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම 2026.01.31 දිනෙන් අවසන් වී ඇත.

එදිනට බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි හිමිකරුවන් තුවක්කු ආඥාපනතේ 22 වගන්ති ප්‍රකාරව 2026.02.10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනි අවි බලපත්‍ර අලුත්කර ගැනීම සිදුකල යුතුය.

එදිනට බලපත්‍ර අලුත් නොකරන සියලු ගිනි අවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥාපනතේ 22 වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?