පරිසරයට කුණු දැම්මොත් වැඩ වරදී.. රුපියල් මිලියන 20ක දඩ සහ සිරදඬුවම්

LIVE

අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරමින් සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති ගෙන ඒමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

තවද ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 01 සිට 10 දක්වා දඩ පැනවීමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“අපි පරිසර සංරක්ෂණය ගැන වචනයට විතරක් සීමා වුණේ නැහැ. ප්‍රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩි කළා.

අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරලා අපේ සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති අපි ගෙනාවා. ඒ වගේම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් අපි පියවර ගත්තා.“

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?