Local news

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක්.!

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක්.!

2025 (2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශ පත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කරගත යුතු බව සඳහන් කරයි.

සංශෝධනය සිදුකිරීම 2026.02.10 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කෙරෙන අතර සංශෝධන දිනය නැවත දීර්ඝ කරනු නොලැබෙන බවද විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම්දී ඇත.

විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබාදී ඇති අතර සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශ පත්‍ර භාරගත යුතුය.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තවේ www.doenets.lk වෙබ් අඩවියෙන් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධනය සිදුකළ යුතුය.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කරනු ඇත.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මස (17) වන දින සිට (26) වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වේ.

එජාපය Smart වෙයි.!

එජාපය Smart වෙයි.!

සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි (04) වෙනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

පෙබරවාරි (04) දින ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරයි.

එම අවස්ථාව වෙනුවෙන් මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1,000 දෙනෙකු මෙදින පත්කිරීම සිදු කරනු ලබන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

එමඟින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීපවීමට අපේක්ෂා කරන අතර, ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව UNP ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දෙනු ඇත. 

චමල් රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග.!

චමල් රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග.!

හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

එයාර්බස් ගනුදෙනුවේ තුන්වැනි සැකකරු ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කර ඇත.

ඉරානය යළිත් අමෙරිකාවට අනතුරු අඟවයි.!

ඉරානය යළිත් අමෙරිකාවට අනතුරු අඟවයි.!

අමෙරිකාව කිසියම් හෝ ආකාරයකට තම රටට පහර දුන්නොත් ඊට ප්‍රතිචාර දක්වන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුරු අඟවයි.

අමෙරිකාව ඉරානයට පහර දුන්නොත් මැදපෙරදිග කලාපයේ අමෙරිකන් හමුදා ඉලක්ක වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කරයි.

ඉරාන උත්තරීතර නායකයා ටෙහෙරාන් නගරයේ පැවති උත්සවයකදී සඳහන් කළේ,

“මෙවර යුද්ධයක් ආරම්භ කළහොත් එය කලාපීය යුද්ධයක් වනු ඇති බව ඔවුන් දැනගත යුතුයි. අමෙරිකාව අපට පහර දුන්නොත්, අපි මැදපෙරදිග කලාපයේ අමෙරිකන් හමුදා ඉලක්ක වලට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා.”

වැලිගම ප්‍රදේශීය සභාවේ බලය මාලිමාවට.!

වැලිගම ප්‍රදේශීය සභාවේ බලය මාලිමාවට.!

අද (02) වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරමින් චින්තක දර්ශන හේවාපතිරණ තේරී පත්ව ඇත.

දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙනඩිස්ගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසිම අද සිදු කෙරිණි. 

ඒ අනුව අද පැවති ඡන්ද විමසිමේදි ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ ඡන්ද 22ක් ලබා ගත් අතර  සමගි ජන බලවේගයේ එම්.එච්රසික් ප්‍රියංකරට හිමි වූයේ ඡන්ද 21කි.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවිය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගිය ඔක්තෝබර් (22) වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩි තබා ඝාතනය කළේය.

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අධිකරණයෙන් දුන් නියෝගය.!

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අධිකරණයෙන් දුන් නියෝගය.!

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුන් අද (02) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි (09) වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන් මෙම සිදුවීමට ඇතුළත් වේ.

පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් වහාම අත්අඩංගුවට.!

පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් වහාම අත්අඩංගුවට.!

පසුගියදා මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනවාරි (26) වන දින සිට අදාළ පිස්තෝල ගිනි අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති අතර මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙලෙස අස්ථාන ගතවී ඇත්තේ, මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබකි.

මට එරෙහිව නඩු හතරයි.. අධිචෝදනා තුනයි.!

මට එරෙහිව නඩු හතරයි.. අධිචෝදනා තුනයි.!

තමන් අවුරුදු හතරක් මහ ඇමතිකම් කළ බවත් පත්වීම් දීපු විදිහ ඇහුවනම් තමන් ආයෙ පාරක් හිරේට දාන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

තමාට එරෙහිව නඩු හතරක් දාලා තියෙන බවත් එයින් එකකට අධිචෝදනා ගොනුකර ඇති බවත් තවත් දෙකකට අධිචෝදනා එන බවද මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

“මම අවුරුදු හතරයි මහ ඇමතිකම කරේ. අපි පත්වීම් දීපු විදිහ මෙහෙම ඇහුවනම්, මුං ආයෙ පාරක් මාව හිරේ දානවා. මම කරපුවා දැන් කිවුවොත් මට උසාවි මදි වෙනවා. උන් දාන දැමිල්ලට.

දැනට දාලා තියෙනවා නඩු හතරක්. එකකට දුන්නා මේ ඊයේ පෙරේදා අධිචෝදනා. තව දෙකක් තියෙනවා. ඒ දෙකටත් අධිචෝදනා එනවා. එතකොට අධිචෝදනා තුනයි. බදුල්ලේ දැම්මා පොදු දේපල යටතේ, ඒක වෙනම අහයි. එතකොට නඩු හතරක් තියෙනවා.”

කුලියාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ හමුවක් අමතමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි.

බෝගම්බර හිරගෙදර ගැන රජය ගත් තීරණය.!

බෝගම්බර හිරගෙදර ගැන රජය ගත් තීරණය.!

මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සුරැකෙන පරිදි නවීන පන්නයේ සංචාරක හෝටල් සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

දශකයකට අධික කාලයක් විවිධ හේතූන් මත ප්‍රමාද වූ බෝගම්බර බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පුරාවිද්‍යාත්මක උරුමයන්ට හානි නොවන පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

බෝගම්බර බන්ධනාගාරයේ ඉදිරිපස පෙනුම හෝ එහි පැරණි ගෘහ නිර්මාණ ශිල්පය කිසිදු වෙනසකට ලක් නොකරන බවද බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඓතිහාසික දළදා මාලිගාව ඉදිරිපිට පිහිටා තිබීම හේතුවෙන් මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවත් ව්‍යාපෘතියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගාලු කොටුව තුළ සිදුකරන සංරක්ෂණ ක්‍රමවේදයට සමාන ලෙස පුරාවිද්‍යාත්මක කොන්දේසිවලට යටත්ව මෙය ක්‍රියාත්මක වන බවත් මේ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ සුදුසු ආයතනයක් තෝරා ගනු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ලෝක කුසලානයට පෙර ඉන්දියා – පාකිස්තාන ගැටුම ඇරඹෙයි.!

ලෝක කුසලානයට පෙර ඉන්දියා – පාකිස්තාන ගැටුම ඇරඹෙයි.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.

ලෝක කුසලානයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලැබී ඇති නමුත් ඉන්දියාවට එරෙහිව තම කණ්ඩායම ක්‍රීඩා නොකරන බව පාකිස්තාන රජය සඳහන් කරයි.

“2026 පෙබරවාරි (15) ​​වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟයේදී පාකිස්තානය ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසෙන්නේ නැත,” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව, පාකිස්තානය, නැමීබියාව, නෙදර්ලන්තය, අමෙරිකාව මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

✕
⌃ News
📰 Free News Subscription?