Local news

අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අනෙක් පෙත්සම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන අය විසින් ඉදිරිපත් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව එම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ගොවියෝ ටික තාත්තා බලාගත්තා වගේ බලාගන්න.. බාප්පා බලාගත්තා වගේ එපා.!

ගොවියෝ ටික තාත්තා බලාගත්තා වගේ බලාගන්න.. බාප්පා බලාගත්තා වගේ එපා.!

මහින්ද රාජපක්ෂ තාත්තා බලාගත්තා වගේ අනුරාධපුර ගොවියෝ ටික බලාගන්නා ලෙස හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කියයි.

හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ,

“නායක තුමනි. ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ, මේ අනුරාධපුර කෘෂිකාර්මික අහිංසක ගොවියෝ ටික තාත්තා බලාගත්තා වගේ බලාගන්න. බාප්පා බලාගත්තා වගේ බලාගන්න එපා.

බාප්පා බලාගත්ත විදිහ බලාගත්තොත් තොප්පි තමයි. ඒනිසා තාත්තා බලාගත්තා වගේ බලාගන්න. මොන තාත්තද, මහින්ද රාජපක්ෂ තාත්තා. බලාගත්තා වගේ බලාගන්න.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාශ සංවිධායකවරුන්ට තඹුත්තේගමදී පත්වීම් ලිපි භාරදීමේ ජනහමුවකට එක්වෙමින් තිස්ස කුට්ටිආරච්චි මේ බව සඳහන් කරයි.

බිහිසුණු බස් අනතුරක්.. රියදුරු මරුට.!

බිහිසුණු බස් අනතුරක්.. රියදුරු මරුට.!

අද (18) දින කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම බිහිසුණු අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙක්, කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර ඇති බවත් එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇත.

වසර 40ක් පාලනය කළ යොවේරි හත්වැනි වරටත් ජනාධිපති ධුරයට.!

වසර 40ක් පාලනය කළ යොවේරි හත්වැනි වරටත් ජනාධිපති ධුරයට.!

වසර 40ක් උගන්ඩාවේ පාලනය හොබවන යොවේරි මුසෙවෙනි හත්වැනි වරටත් එරට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

උගන්ඩාවේ ජනාධිපතිවරණයේදී 81 හැවිදිරි යොවේරි මුසෙවෙනි සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වූ බොබී වයින් හෙවත් කියාගුලනි සෙන්ටමු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත සියයට 24ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ට්‍රම්ප් දැඩි⁣ තීරණයක් ගනී.. රටවල් කිහිපයකට අමතර තීරු බද්දක්.!

ට්‍රම්ප් දැඩි⁣ තීරණයක් ගනී.. රටවල් කිහිපයකට අමතර තීරු බද්දක්.!

එළඹෙන පෙබරවාරි මස (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙන තාක් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වන බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක තීරු බද්ද පැනවෙනු ඇත.

88,89 සෙල්ලම් දාන්න එපා.. එදා මහින්ද හිටියා.. අද නාමල් ඉන්නවා.!

88,89 සෙල්ලම් දාන්න එපා.. එදා මහින්ද හිටියා.. අද නාමල් ඉන්නවා.!

88, 89 කාලයේ සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා බවත් එදා මහින්ද රාජපක්ෂ හිටිය බවත් අද නාමල් රාජපක්ෂ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාශ සංවිධායකවරුන්ට තඹුත්තේගමදී පත්වීම් ලිපි භාරදීමේ ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“ඔබේ මර්ධනය ඔබ තියාගන්න. ඒ 88, 89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ හිටියා. අද ඉන්නවා නාමල් රාජපක්ෂ. අය 88, 89 සෙල්ලම් දාන්න එපා. ඒවා ඒ කාලේ. අද අලුත් පරම්පරාවක්. වෙනස් වෙච්ච සංස්කෘතියක්.”

“ආ උගන්ඩාවේ සල්ලි. ඒක ගේන්ඩ. ඒක ගේන්න ඕනේ. අර ඩුබායි මැරියට් හෝටලේ ඒක ගේන්නත් ඕනේ. ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. බොරුව නවත්තන්න. රැවටිල්ල නවත්වන්න. මර්ධනය නවත්වන්න.”

උඩුගුවනේදී ගුවන් යානයක් අතුරුදන්.!

උඩුගුවනේදී ගුවන් යානයක් අතුරුදන්.!

ඉන්දුනීසියාවේ සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් අතුරුදන්වී ඇත.

ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කරයි.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදී.. අද සිට පරීක්ෂාව.!

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදී.. අද සිට පරීක්ෂාව.!

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ උපකරණයක් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි හඳුන්වාදීමට නියමිත බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර සඳහන් කරයි.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතිය අද (17) දින සිට කොළඹ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා යටතේ ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බවත් ඒ සම්බන්ධව වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර්.!

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර්.!

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් නම් කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරික් මේයර් යෝජනා කර ඇත.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා වේ. 

නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසද සේවය කර ඇත.

හිටපු කථානායක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි.!

හිටපු කථානායක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි.!

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර ඇත.

කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඇත.

ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති අතර පසුව මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

✕
⌃ News
📰 Free News Subscription?