Local news

කස්සප හිමි ඇතුළු පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය.!

කස්සප හිමි ඇතුළු පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය.!

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද (19) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා එළඹෙන (28) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

පොලීසියෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්.!

පොලීසියෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්.!

දුරකථන ඇමතුම් ලබාදෙමින් සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවද රැකියා අවස්ථා ලබාදෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවටද පවසා විවිධ ගිණුම් වෙත වංවනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේතක්ත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට නිරීක්ෂණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබාදී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා ඇත.

එම වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතත්, පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත පැමිණිලි වාර්තා වී ඇත.

එනිසා මෙවැනි වංචාවනික ක්‍රියා වලට හසු නොවන ලෙසට පොලීසිය විසින් මීට පෙර අවස්ථාවලදී මහජනතා දැනුවත් කර ඇති අතර මෙවැනි අවස්ථා වලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

1.Verified badges / official pages පරීක්ෂා කිරීම.

2.දෙවනි පර්ශවයට Bank details, NIC Number, login details, OTP, Password, PIN, Photos ලබා නොදීම.

3.සැකසහිත links පරිශීලනය නොකිරීම.

4.විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.

5.මුදල් තැන්පත් කිරීමේදී අනන්‍යතාවය සනාථ කර ගැනීම.

6.වංචාවන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙත වහාම පැමිණිලි කිරීම.

දුවේ පුතේ, තව අවුරුදු 5කින් අපි ඉන්න තැන නාමල්ගෙන් අහලා දැනගන්න.!

දුවේ පුතේ, තව අවුරුදු 5කින් අපි ඉන්න තැන නාමල්ගෙන් අහලා දැනගන්න.!

දුවේ පුතේ, තාත්තා කෙනෙක් විදිහට මං කියන්නේ තව අවුරුදු 5කින් අපි කොතනද ඉන්නේ, තව අවුරුදු 10න් රට කොතනද තියන්නේ කියලා නාමල් රාජපක්ෂගෙන් අහලා දැනගන්නා ලෙසට හිටපු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ,

“හැම තරුණයෙක්ම ප්‍රශ්න කරන්න ඕන නාමල් රාජපක්ෂගෙන්. තව අවුරුදු 5කින් අපි කොතනද ඉන්නේ. තව අවුරුදු 10න් රට කොතනද තියන්නේ. අන්න ඒ ප්‍රශ්න ටික, අන්න ඒ උත්තර ටික අපි නාමල් රාජපක්ෂගෙන් ගත යුතුමයි.

මම මේ තාත්තා කෙනෙක් විදිහට කියන්නේ. දුවේ පුතේ තාත්තා කෙනෙක් විදිහට මං කියන්නේ, අනාගතේ හදන නායකයාගෙන් අපි අහන්න ඕන, උබලා අපිව කොහෙටද ගිහින් තියන්නේ. උබලා රටට මොනවද දෙන්නේ. අපි රැවටුනේ ඉබාගාතේ ගිහිල්ලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැළණිය ආසනයේ තරුණ සමුළුව අමතමින් ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කරයි.

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්.!

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන මස (04) වැනිදා සිට (12) වැනිදා දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙයි.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී එලෙස ප්‍රදර්ශනය කෙරෙන්නේ, ගුජරාටයෙන් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේයි.

අගමැති හරිනි ස්විට්සර්ලන්තයට.!

අගමැති හරිනි ස්විට්සර්ලන්තයට.!

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) උදෑසන ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

මෙම 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට (23) දින දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතය.

‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇත.

සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය.

මුළු ලෝකෙටම මිරිස් කුඩු යවන්න පුළුවන් බඩුවක් තමයි ප්‍රසන්න රණවීර.!

මුළු ලෝකෙටම මිරිස් කුඩු යවන්න පුළුවන් බඩුවක් තමයි ප්‍රසන්න රණවීර.!

එදා ප්‍රසන්න රණවීර හම්බවුණාම මම කොර වුණා, මුළු ලෝකෙටම මිරිස් කුඩු වුණත් යවන්න පුළුවන් බඩුවක් තමයි ප්‍රසන්න රණවීර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිලින්ද රාජපක්ෂ සඳහන් කරයි.

මිලින්ද රාජපක්ෂ සඳහන් කළේ,

“ප්‍රසන්න රණවීර කියන දේශපාලඥයා 2020 ඡන්දය තිබිලා මට හම්බුනා ප්‍රසන්න රණවීර කියලා නියෝජ්‍ය ඇමති කෙනෙක්. මම ඒ වෙලාවේ කොර වුණා.

ඒ වෙලාවේ මම කල්පනා කරා මේ මිනිහා ඇත්තටම හම්බෙන්න ඕන. මේ මිනිහා මාර වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්නේ. මේ මිනිහට කීවොත් එහෙම මුළු ලංකාවම මිරිස් වවලා මුළු ලෝකෙටම මිරිස් කුඩු යවයි කියලා.

ඒ ජාතියේ බඩුවක්නේ කියලා මට තේරුණා. තුන්වැනි වතාවට මට ප්‍රසන්න රණවීර හම්බුණේ අපි සේරම දෙකයි පනහට වැටිච්ච වෙලාවේ. මාර බඩුවක්.

ඒ තමයි තුන්වැනියට මට හම්බුන ප්‍රසන්න රණවීර. එතකොට මගෙ ගෞරවය ගොඩක් වැඩි වෙලා. එතකොට මම හිතුවා කවදාහරි ප්‍රසන්න රණවීර ඇමතිතුමා ඡන්දෙ ඉල්ලන දවසක මම ඇවිල්ලා ඒ ඡන්ද රැස්වීමක හරි කතා පවත්වනවා කියලා.”

කිරිබත්ගොඩ පැවති හමුවක් අමතමින් මිලින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් ගහපු ගැහිලි හෙළිවෙයි.!

ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් ගහපු ගැහිලි හෙළිවෙයි.!

2024 වර්ෂය තුළ ජනාධිපති අරමුදලේ සිදුවූ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

රුපියල් කෝටි 944කට වැඩි මුදලක් අනුමැතියකින් තොරව ආයෝජනය කර ඇති බව විගණනයේ දැක්වෙයි.

යම් මුදලක් ආයෝජනය කළ හැකි වන්නේ ජනාධිපතිවරයා දෙනු ලබන විධි විධානවලට අනුව පමණක් බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් 2024 වර්ෂයේ ජූලි මස (31) වනදා සිට දෙසැම්බර් මස (31) වනදා දක්වා පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ආයෝජනය කර ඇති බව විගණනයට අනාවරණය වී ඇත.

එලෙස ඔවුන් ස්ථාවර සහ කාලීන තැන්පතු ලෙස ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 944.7ක් වන අතර එහිදී කළමනාකාරීත්වය විගණනයට සඳහන් කර ඇත්තේ 2024 වර්ෂයේ පාලක මණ්ඩලය රැස් එක් වතාවක් පමණක් බවයි.

ඒ 2024 අගොස්තු (15) වන දින බවත් ඔවුන් සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් එම තැන්පතු සඳහා ඔවුන් අනුමැතිය ලබාගෙන තිබුණේ 2025 වර්ෂයේ ජනවාරි (28) වනදායි.

එමෙන්ම 2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල මගින් සලකා බැලීමකින් තොරව මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදීම පිළිබඳව ද කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 56 දෙනෙකු වෙත වෛද්‍යාධාර වශයෙන් රුපියල් 131,371,110ක මුදලක් ලබාදී ඇති බවයි විගණනයේ දැක්වෙන්නේ

වෛද්‍යාධාර ලබා දීමේදී සලකා බලනු ලබන විධිමත් අයදුම්පත්‍රය, මාසික ආදායම්, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, මූල්‍ය වත්කම්, උපරීම වෛද්‍ය ආධාර මූල්‍ය සීමාවන් ආදිය ද සලකා බැලීමකින් තොරව මෙම මුදල් ලබාදී ඇති බව විගණනය අනාවරණය කර ඇත.

2024 වර්ෂයට අදාළව ජනාධිපති අරමුදලෙහි මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් කර ඇත.

පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්.!

පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්.!

අපරාධකරුවන්ට සහ ජාවාරම්කරුවන්ට සහාය දක්වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය සඳහා අනුරාධපුර පූජා නගරයේ අරිප්පු පාර පළමු පටුමග ප්‍රදේශයේ ඉදිකරන ලද “රජරට සිසිල” කණිෂ්ඨ පොලිස් නිවස්නය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමින් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කරයි.

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ,

“පොලීසියයි, ජාවාරම්කාරයොයි, අපරාධකාරයොයි පොලීසියට ඉන්න බෑ. නිලධාරීන් ඒ තත්වයට පෙළඹෙනවා නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කිසිම ආකාරයෙන් පැකිලෙන්නේ නෑ.”

ආරක්ෂා කිරීමේ ‘BBNJ’ ගිවිසුම බලාත්මක කරයි.!

ආරක්ෂා කිරීමේ ‘BBNJ’ ගිවිසුම බලාත්මක කරයි.!

වසර 20කට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡාවලින් පසු සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා කලක සිට සාකච්ඡා මට්ටමින් තිබූ (Biodiversity Beyond National Jurisdictions) ගිවිසුම බලාත්මක කර ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී රටවල් 60ක් මෙම ගිවිසුමේ අන්තර්ගත නිර්ණායක අනුමත කර තිබූ අතර එතැන් සිට දින 120කට පසුව මෙය බලාත්මක වීම සුවිශේෂීය.

දේශගුණික විපර්යාස හේතුවෙන් උග්‍රවන විනාශකාරී ධීවර පිළිවෙත්, නැව්ගත කිරීම, ප්ලාස්ටික් දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ ගැඹුරු මුහුදේ කැණීම් වැනි කටයුතු පාලනය කිරීම සඳහා මෙම ගිවිසුම බලාත්මක කර ඇත.

දෙසැම්බර් මස මේ සඳහා චීනය, ජපානය වැනි ප්‍රධාන සමුද්‍රීය බලවතුන් එක්වීමත් සමග අදාළ ගිවිසුම අනුමත කළ රටවල් ගණන ජනවාරි වනවිට 83ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලොව විශාලතම දම් පැහැති ආර්නූල් මැණික ලංකාවෙන් හමුවෙයි.!

ලොව විශාලතම දම් පැහැති ආර්නූල් මැණික ලංකාවෙන් හමුවෙයි.!

ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා ඇත.

මෙරටින් හමුවූ මෙම ආර්නූල් මැණික කැරට් 3,563ක බරකින් යුතු දුර්ලභ ගණයේ මැණිකක් වන අතර එය රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී ඇත.

ලොව මෙතෙක් සොයාගත් දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇති බව වාර්තා වේ.

මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව එම මැණික එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා මැණික් පර්යේෂණාගාරයේ ප්‍රධාන රත්නවේදී අශාන් අමරසිංහ සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?