Local news

අද සිට මිල අඩු කරයි.!

අද සිට මිල අඩු කරයි.!

අද (16) දිනයේ සිට ආනයනික කිරිපිටි මිල ගණන් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්, කිලෝග්‍රෑමයක මිල රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇත.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළ යාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක.!

IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන (22) වැනිදා සිට (28) වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස මෙරට සංචාරය කරනු ඇති බව අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.!

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.!

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 65 වැනි වියේ පසුවිය.

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර විසින් මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කඳුලැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද, ඇතුළු ගීත රැසක් ගායනා කර ඇත.

නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි.!

නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි.!

එංගලන්තයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වන 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ලගේගේ ඝාතන සිද්ධිය සම්බන්ධව තිසර වේරගලගේ නම් ශ්‍රී ලාංකිකයා වරද පිළිගෙන ඇත.

2025 වසරේ අගෝස්තු (21) වනදා එංගලන්තයේ වේල්සයේ කාඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ නවතා තිබූ රථ වාහන දෙකක් මධ්‍යයේ තිබී බරපතළ කැපුම් තුවාල සහිතව නිරෝධාගේ සිරුර සොයාගෙන ඇත.

එම අවස්ථාවේදී ඇයගේ සිරුර හමු වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක සිටි තිසර වේරගලගේ එරට පොලීසි විසින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු කලකට පෙර නිරෝධාට හිතවත්ව සිටි ඇය හඳුනන පුද්ගලයෙකු නමුත් ඒ වන විට වේල්ස් අගනුවරම වෙනත් තැනක ඔහු පදිංචිව සිට ඇත.

මෙම සැකකරු පසුගිය (12) වනදා නැවතත් නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරු නිරෝධාගේ ඝාතනයේ වරද පිළිගෙන ඇත.

ඒ අනුව 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ලගේ ඝාතනයට ඔහුට හිමි දඬුවම එළැඹෙන පෙබරවාරි මස (20) වනදාට තීන්දු කිරීමට එරට අධිකරණය නියම කර ඇත. 

අමෙරිකාව නීති තද කරයි.. රටවල් 75ක ජනතාව ගැන තීරණයක්.!

අමෙරිකාව නීති තද කරයි.. රටවල් 75ක ජනතාව ගැන තීරණයක්.!

අමෙරිකාවේ නව සංක්‍රමණික නීති වලට අනුව රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇත.

බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ඒ අනුව ජනවාරි මස (21) වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යතුමියගේ තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය.!

අග්‍රාමාත්‍යතුමියගේ තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය.!

ශ්‍රමයේ මහිමයටත් සොබාදහමෙන් ලද රැකවරණටත් ස්වකීය කෘතඥතාව පළකරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක අභිමානය සනිටුහන් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දෙස් විදෙස් දෙමළ ජනතාව වෙත මගේ හෘදයාංගම ශුභාශිංසනය පිරිනමමි.

මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න මෙම උතුම් මංගල්‍යය ලොවට පසක්කරයි. අප සැම ස්වභාවධර්මයේම නිර්මාණයෝය.

සොබාදහමට අකීකරුවීමෙන් හෝ එය අභිබවා යමින් අපට යාහැකි ගමනක් නැත. ඒ අර්ථයෙන් සොබාදහමෙන් අපට ලැබෙන ආශිර්වාදයන්ට පෙරළා ගරු කිරීම අපගේ උතුම් මානුෂීය ගුණයක් ලෙස හැඳින්විය හැක.

රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුවය. ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය ‘පුනරුද යුගයක්’ කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතුවේ.

අභියෝග මධ්‍යයේ වුවද, රජයක් ලෙස අප එම වගකීම භාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා වූ නව වසරකට අධිෂ්ඨානයෙන් යුතුව මුලපුරා ඇත්තෙමු.

“අපට බත් පතට අත තැබිය හැකිවන්නේ ගොවියා මඩේ පා තැබුවහොත් පමණි ” යන කියමන අනුව, රටේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් අද අප කරන කැපවීම ද සරු අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා බිමක් සකස් කිරීම හා සමානය.

සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට අපට කරන මග පෙන්වීමක් බඳු ය.

එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු.

තෛපොංගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ද, මෙම නව ආරම්භය සැමට සතුට සහ සෞභාග්‍යය උදා කරදීමට හේතුවේවායි කියාද මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

රටම එකට වැඩසටහනේ නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය.!

රටම එකට වැඩසටහනේ නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය.!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) (13) දින අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ‘රටම එකට වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, එම වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව සිය ප්‍රශංසාව පිරිනැමීය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නාවික හමුදා මෙහෙයුම් මැදිරියේ සිදු කළ නිරීක්ෂණයේදී සහ එහිදී ලබාදුන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමේදී, නාවික හමුදාවේ අණ දීම සහ පාලන යාන්ත්‍රණයන්, මෙහෙයුම් සම්බන්ධීකරණය සහ සමුද්‍රිය ආරක්ෂක සූදානම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය.

විශේෂයෙන්ම නීති විරෝධී මුහුදු ක්‍රියාකාරකම් මර්ධනය කරමින් ‘රටම එකට ‘වැඩසටහන බාධාවකින් තොරව සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා නාවික හමුදාව ඉටුකරන තීරණාත්මක කාර්ය භාරය මෙහිදී විශේෂ ඇගැයීමට ලක් විය.

එහිදී, පසුගිය ස්වාභාවික ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා සහන සේවා සහ මානුෂීය ආධාර සැපයීමට දායක වන අතරතුර, ජාතික ආරක්ෂක බැඳීම් සහ සමුද්‍රිය නිරීක්ෂණ මෙහෙයුම් අතපසු නොකර ‘රටම එකට’ වැඩසටහනේ මෙහෙයුම් අඛණ්ඩතාව පවත්වා ගත් ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කරන ලදී.

සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩපැවැත්වීම සඳහා රටේ සමුද්‍රීය කලාපය පුරා සිදු කරන ලද මෙහෙයුම් ද සමාලෝචනය කරන ලදී. ඊට අමතරව, නාවික හමුදාවේ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්, ධීවර හා වෙරළබඩ ප්‍රජාවන්ට ලබා දෙන සහාය සහ සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රටම එකට වැඩසටහන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපායමාර්ගිකව ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය. ආපදා තත්ත්වයන් හමුවේ වුව ද තීරණාත්මක ආරක්ෂක මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව දැක්වූ වෘත්තීයභාවය, ශක්තිමත් භාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව අගය කළේය.

මීට අමතරව, මෙහෙයුම් සූදානම, කාර්යක්ෂමතාව සහ සම්බන්ධීකරණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට සාගරික කලාපය සුරැකීමේදී සහ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය කෙරෙහි රජයේ පූර්ණ විශ්වාසය යළි තහවුරු කළේය.

2026 අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන නිවේදනයක්.!

2026 අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන නිවේදනයක්.!

එළඹෙන (21) වනදා සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්..

වැඩ වැරදුන විමල්ගේ වරෙන්තුව.!

වැඩ වැරදුන විමල්ගේ වරෙන්තුව.!

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

අනතුරුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කර තිබුණ අතර පසුව විමල් විරවංශ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ගැන දැනුම්දීමක්.!

අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ගැන දැනුම්දීමක්.!

අරගලය පැවති දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි (11) වන දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස (09) වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ජීවිතක්ෂයට පත්වු අතර එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්විය.

✕
⌃ News
📰 Free News Subscription?