Local news

40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අරඹයි.!

40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අරඹයි.!

නීති විරෝධි මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 1000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පිරමිඩ වංචා ක්‍රමවලින් මුදල් වංචා කිරීම, නීති විරෝධි ණය ව්‍යාපෘති මෙන්ම පුද්ගලයින් රවටා මුදල් චංචා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ද විමර්ශනය කරන පැමිණිලි අතර වන බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 40 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක බවත් එම දේපළ ඉදිරියේදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කරයි.

විරෝධතා ප්‍රචන්ඩ වෙයි.. මරණ ගණන 2,000 පනී.!

විරෝධතා ප්‍රචන්ඩ වෙයි.. මරණ ගණන 2,000 පනී.!

ඉරාන රජයට එරෙහිව රට පුරා පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතා වලින් මියගිය සංඛ්‍යාව 2,000ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරීගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවත් ඉන් බොහෝ දෙනෙකුගේ හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බව වාර්තා වේ.

සති දෙකක කාලයක් පුරාවට එම විරෝධතා මැඩපැවැත්වීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ග මෙම ඉහළ මරණ සංඛ්‍යාවට හේතුව වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධ්‍යාපන ඇමතිට එරෙහිව ගේන්න යන විශ්වාසභංගයට දින නියම වෙයි.!

අධ්‍යාපන ඇමතිට එරෙහිව ගේන්න යන විශ්වාසභංගයට දින නියම වෙයි.!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි (22) සහ (23) යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි (22) සහ (23) යන දින දෙක විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

පැය 24ක අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කර විමල් ගෙදර යයි.!

පැය 24ක අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කර විමල් ගෙදර යයි.!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (12) දින ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද (13) අවසන් කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙම සත්‍යග්‍රහය අවසන් කර ඇත.

ඒ අනුව ඊයේ දින ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර ඇත.

කෙහෙළියගේ පුත්‍රයා දින නියම වෙයි.. අධිකරණයෙන් නියෝග.!

කෙහෙළියගේ පුත්‍රයා දින නියම වෙයි.. අධිකරණයෙන් නියෝග.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එම නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාරදුන් අතර අනතුරුව එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට විනිසුරුවරයා නියම කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බවට පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

පසුව රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස (11) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.

අද සවස තද වැසි.!

අද සවස තද වැසි.!

අද (13) දින උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ට්‍රම්ප් 25%ක තීරු බද්දක් පනවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ට්‍රම්ප් 25%ක තීරු බද්දක් පනවයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම 25%ක තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ජනාධිපති ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර ඇත.

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට.!

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට.!

අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇතත් අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේදී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය වෙඩි තැබීමක් සිදුකර ඇත.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනා 7ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

මේ සත්‍යග්‍රහය මාරු වෙමින් කරන්නේ.. අපි නැගිටිනකොට වෙන අය වාඩි වෙනවා.!

මේ සත්‍යග්‍රහය මාරු වෙමින් කරන්නේ.. අපි නැගිටිනකොට වෙන අය වාඩි වෙනවා.!

අපි කරන සත්‍යග්‍රහය මාරු වෙමින් පවත්වාගෙන යන බවත් අපි නැගිටිනකොට තව පිරිසක් ඇවිත් වාඩි වෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.

විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (12) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ,

“මේක සත්‍යග්‍රහයක්. අපි මේක මාරු වෙමින් පවත්වාගෙන යන්නේ. අපි නැගිටිනකොට තව පිරිසක් ඇවිත් වාඩි වෙනවා. ඒ විදිහට අපි මේ ස්ථානයේ සාමකාමී සත්‍යග්‍රහය කරගෙන යනවා.”

මේ අතර මාර්ගය අවහිර නොවන ලෙසත්, උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙස දැනුම් දෙමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී ඇත.

ජනතාව කැමති වුණත් නැතත් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා.!

ජනතාව කැමති වුණත් නැතත් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා.!

පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙන බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවද අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ.” 

✕
⌃ News
📰 Free News Subscription?