Local news

බො⁣රතෙල් මිල නැවතත් ඉහළ⁣ට

බො⁣රතෙල් මිල නැවතත් ඉහළ⁣ට

අද (31) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.60ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.50ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.75ක් ලෙස ඉහළ ගොස් ඇත.

විපක්ෂයේ ඉන්න නයි, මුගට්, පොළොන්ගු ඔක්කොම එකතු වෙන්න ඕන

විපක්ෂයේ ඉන්න නයි, මුගට්, පොළොන්ගු ඔක්කොම එකතු වෙන්න ඕන

වත්මන් ආණ්ඩුව එළවන්න විපක්ෂයේ සිටින සියලුම නයි, මුගට්, පොළොන්ගු ඔක්කොම එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

කැරුම් බෝඩ් බෙදීම සඳහා සියල්ල සිදු කළ පුද්ගලයා අමෙරිකාවේ සිටින බවත් කැරම් බෝඩ් බෙදපු මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාරයේ බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

“මේ ආණ්ඩුව එළවන්න හැම විපක්ෂයේ ඉන්න නයි මුගට් පොළොන්ගු ඔක්කොම එකතු වෙන්න ඕන කියන එක මම මේ අවස්තාවේදි කියනවා. තරුණ දේශපාලඥයෝ මුන්ට බයේ හැංගෙනවා. නඩු දායි කියලා හැංගෙනවා.

සමහර දිස්ත්‍රික්ක වලට නායකත්වය දෙන එවුන් හැංගෙනවා. ⁣වේදිකා වලට එන්නෑ හැංගෙනවා. රැස්වීමක කතා කරන්නේ නෑ හැංගෙනවා. කවුද දැන් ඇතුලේ ඉන්නේ.

ඇතුලේ ඉන්න මිනිස්සූ එළියේ ඉන්න ඕන මිනිස්සූ. එළියේ ඉන්න මිනිස්සූ ඇතුලේ ඉන්නවා. එළියේ ඉන්න මිනිස්සූ ඇතුලේ ඉන්නවා. කවුද කැරම් බෝඩ් බෙදුවේ. කැරම් බෝඩ් බෙදුවට කැරුම් බෝඩ් ඔක්කොම කරපු මිනිහා අමෙරිකාවේ. අලුත්ගමගේ ඇතුලේ.“

කට්ටි පැන්න රවී අද මට්ටු වෙයිද.?

කට්ටි පැන්න රවී අද මට්ටු වෙයිද.?

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු වලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව විමර්ශනයක් සිදු කරයි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට රවී කරුණානායකට දින තුනකදී දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණියේ නැත.

ඒ හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පසුගියදා රවී කරුණානායකගේ නිවස වෙත ගොස් තිබුණු අතර එම අවස්ථාවේදී ද ඔහු නිවසේ නොසිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (31) දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥවරුන් සඳහන් කර ඇත.

22 ගැන පෙත්සම් අදින් අවසන්

22 ගැන පෙත්සම් අදින් අවසන්

අද (31) දිනයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අවසන් වේ.

පසුගිය (18) වනදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එයට එරෙහිව පෙත්සම් 27ක් ඉදිරිපත් කර ඇති අතර එයට පක්ෂව ද පෙත්සම් 3ක් ඉදිරිපත් කර ඇත.

කලකට පසු අර්ජුන මහේන්ද්‍රන් කට අරී.. නම ආපසු හරවයි

කලකට පසු අර්ජුන මහේන්ද්‍රන් කට අරී.. නම ආපසු හරවයි

අමාත්‍යවරයෙකු විසින් තම නම නීත්‍යානුකූලව වෙනස් කර ඇති බවට කරන ලද ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන සිංගප්පූරු පුරවැසියෙකු ලෙස පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා සඳහන් කළේය.

කෙසේ වෙතත් අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් නොකළ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල තවමත් ප්‍රකාශයක් කර නොමැත.

අමාත්‍ය ආනන්ද විජේපාල තවමත් ප්‍රකාශයක් කර නොමැති හෙයින් අර්ජුන මහේන්ද්‍රන් කළ ප්‍රකාශය සත්‍යද.? අසත්‍යද.? යන්න තවමත් නිශ්චිතවම කිව නොහැකිය.

කෙසේ වෙතත් අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා සඳහන් කළේ, අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ලබන (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදින සවස 5.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන් එම තනතුර ස්ථාපිත කළේය.

ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර ඇත.

“සතුටුම යුගයේ ජනාධිපති” සම්මානය මෛත්‍රීට

“සතුටුම යුගයේ ජනාධිපති” සම්මානය මෛත්‍රීට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමය ඇගයීමට ලක් කරමින් “සතුටුම යුගයේ ජනාධිපති” ලෙස විශේෂ උපහාරයක් පිරිනැමුණි.

පසුගිය (29) වැනිදා පැවැති “Global Brand Awards 2026’ සහ ‘SHE FOR THE NATION – Season 2” සම්මාන උළෙලේදී මෙම උපහාරය පිරිනැමුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්ව සිටි අතර ඔහුගේ සේවය අගය කරමින්, උළෙලේ සංවිධායක මණ්ඩලය මෙම සුවිශේෂී ගෞරව නාමය සහිත සම්මානය පිරිනමන ලදී.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කාන්තා නායකත්වයන් සහ ජාත්‍යන්තර සන්නාම රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේය.

22ට කුමන බාධක ආවත් අඩියක් පස්සට ගන්නේ නෑ

22ට කුමන බාධක ආවත් අඩියක් පස්සට ගන්නේ නෑ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කුමන බාධක ආවත් ගත් පියවර අඩියක් හෝ පස්සට නොගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නඩු ප්‍රමාදය ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේම ගැටලු නිරාකරණයට ගත් සාධනීය පියවරක් බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“අපේ රටේ තියෙනවානේ තමන් අකමැති මිනිහා ඉක්මනට හිරේට යන්න ඕනි. තමන් කැමති කෙනාට එහෙම නෑ. සාධාරණයි ඒ වේදනාව. නමුත් අපි මේ නීති පද්ධතිය ස්වාධීන කරනවා කියන්නේ අපි කැමති කෙනාටයි, අකමැති කෙනාටයි දෙන්නටම එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන.

ඒක අපි නොකොළොත් අපිට බනිනවා. මම පැහැදිළිවම කියනවා. මේ අවුරුද්ද අවසන් වන විට ඔබලාට ප්‍රතිථල දකින්න ලැබේවී. යුක්තිය ඉෂ්ට වෙනවා. මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නෑ.”

බදුල්ල දිස්ත්‍රික්ක සමුළුවක් අමතමින් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කරයි.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 170ක්

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 170ක්

වත්මන් ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159ක් සිටින බවත් එයට දෙමළ සන්ධානය ඇතුළු තවත් මන්ත්‍රීවරුන් එකතු වු විට මන්ත්‍රීවරුන් 170ක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

“දැන් අහනවා මගෙන් මොකද වෙන්නේ. ජනමත විචාරණයකට යනවද.? නැත්නම් 3න් 2කද.? මම කීවා තුනෙන් දෙකක් නෙමෙයි, තුනෙන් දෙකටත් වැඩිය පාර්ලිමේන්තුවේ ඉන්නවා.

159ක් ඉන්නවා. ඒ 159ට තව දෙමළ සන්ධානය හේත්තු වුණොත් 165ක් වෙයි. තවත් අය හේත්තු වුණොත් 170ක් වෙයි. එනිසා ජනමතය දෙනකොට බෙදලා හදලා දෙන්න.

බෙදලා හදලා නොදීපු හින්දා රැල්ලට ගහපු ගැහිල්ල නිසා තමයි මේක, 3න් 2ක් කියලා කිවුවත් ජනමත විචාරණයකට යන්න ඕන නෑ 3න් 2ක් කියලා තිබ්බත් 140ක් දීලා තිබ්බනම් ආණ්ඩුවට හුප්පේ.

නමුත් මේ ආණ්ඩුව 159ක් තියාගෙන ඉන්නේ. දැන් අපි ආණ්ඩුවේ ඉන්නේ විපක්ෂයේ. ඉස්සරහින් 125ක් වාඩිවෙලා ඉන්නවා. අපිට පිටිපස්සෙන් ඉතුරු ටික වාඩිවෙලා ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයට වැඩිය, විපක්ෂ පැත්තෙත් වාඩිවෙලා ඉන්නේ ආණ්ඩුවේ අය.“

ගාල්ල පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 399කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 475කි.

ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?