Local news

ඉරානය කොන්දේසි 7ක් අමෙරිකාවට පනවයි

ඉරානය කොන්දේසි 7ක් අමෙරිකාවට පනවයි

අමෙරිකාව සමග පවතින මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නව කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ධවල මන්දිරයට දැනුම් දී ඇතැයි ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන මොහ්සෙන් රෙසායි සඳහන් කරයි.

සියලු පෙරමුණු වලින් යුද්ධය අවසන් කිරීම, තහනම් කරන ලද ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන වරායන් සඳහා අමෙරිකානු නාවික සම්බාධක ඉවත් කිරීම එම කොන්දේසි අතරට ඇතුළත් වේ.

නැවත සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කොන්දේසි 07ක් අමෙරිකාවට පනවා ඇති අතර යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නම් ඉරානයේ අයිතිවාසිකම් සහ කොන්දේසි පිළිගන්නා ලෙස ඉරානය සඳහන් කරයි.

පොලිස් ලොක්කෝ තිදෙනෙකුගේ තරු ගලවයි.. ධූරයෙන් ඉවතට

පොලිස් ලොක්කෝ තිදෙනෙකුගේ තරු ගලවයි.. ධූරයෙන් ඉවතට

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ඔවුන් දැරූ තනතුරු වලින් ඉවත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයකට අනුව එම තනතුරු වලින් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා විශේෂ රාජකාරි පදනම මත පොලිස් මූලස්ථානය වෙත කැඳවා ඇත.

බණ්ඩාරවෙල කොට්ඨාසය භාරව කටයුතු කළ මයුර පෙරේරා, අධිවේගී මාර්ග කොට්ඨාසය භාරව සිටි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත සහ පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය හෙබවූ පී.ජී.එස්. ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා එලෙස කැඳවා ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස සේවය කරමින් සිටි එම නිලධාරීන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සහකාර පොලිස් අධිකාරී ධුරවලට උසස් කිරීමෙන් පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරවල කටයුතු කරන එම නිලධාරීන් තිදෙනාගේ අදාළ උසස්වීම් බලශූන්‍ය කරන ලෙස පසුගියදා නියෝග කර ඇත.

හාම්පුතා පිනවන්න දේශපාලන දඩයමක.. අංක එක නාමල්

හාම්පුතා පිනවන්න දේශපාලන දඩයමක.. අංක එක නාමල්

මේ වනවිට විශාල දේශපාලන දඩයමක නිරත වන බවත් එම දේශපාලන දඩයමේ අංක එක විදිහට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්වෙලා තියෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීති ලේකම්, නීතීඥ අතුල ද සිල්වා සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ අතුල ද සිල්වා සඳහන් කළේ,

“තමන්ගේ දේශපාලන වේදිකාවල කතා කරපු කට්ටිය පොලීසියේ ඉහළ තනතුරු වලට පත් කරලා තියෙනවා. එතකොට ඔවුන්ගෙන් අපිට සාධාරණ කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද.

ඔවුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන හාම්පුතා පිනවන්නට මිස සාධාරණ විදියට යුක්තිය ඉටු කරන්න නෙමෙයි. ඉතින් මේක නිසා රාජ්‍ය බලය උදුරාගැනීමේ ප්‍රතිථලයක් විදියට විශාල දේශපාලන දඩයමක අද නිරත වෙනවා.

මේ දේශපාලන දඩයමේ අංක එක විදිහට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා.”

රටින් පළාගිය බැසිල්ට නඩු දෙකයි.. වරෙන්තු දෙකයි

රටින් පළාගිය බැසිල්ට නඩු දෙකයි.. වරෙන්තු දෙකයි

මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින, මේ වනවිට රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සඳහා නඩු දෙකකට අදාළව මේ වනවිට වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙනවා.

1.අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම.

අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වේ.

මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය මස (18) වනදා ඇප මුදල් රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

2.සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අයථා පරිහරණය.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරක කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාග වේ.

රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණ සමයේ ටී ෂර්ට් 12,000ක් බෙදාහැරීම යන චෝදනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එල්ල වී ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය නඩු වාරයේදී, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදන නිකුත් කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය ඊට අදාළව කරුණු කිහිපයක් මෙරටින් ඉල්ලා ඇත.

එම කරුණු වලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

කරපු හොර වැඩ හෙළිවෙද්දි හිටපු මැති ඇමතිලා රටින් පනින්න සැරසෙයි

කරපු හොර වැඩ හෙළිවෙද්දි හිටපු මැති ඇමතිලා රටින් පනින්න සැරසෙයි

සිය බලය භාවිතා කරමින් සිදුකළ විවිධ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳව බුද්ධි අංශ කණ්ඩායම් දැඩි විමසිල්ලෙන් සිටින බව වාර්තා වේ.

එම දූෂණ චෝදනා වලට ලක්ව සිටින ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

තවද, විමර්ශන ආරම්භ වීමත් සමඟ මෙරටින් පිටව ගොස් නැවත මෙරටට නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මේ වනවිට කරුණු රැස් කරමින් පසුවන අතර එම පුද්ගලයින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ වනවිටත් හිටපු මැති, ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය

දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය

දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) නිල වශයෙන් හෙට (20) දින ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන ගාල්ල, බටදූව පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් හෙට (20) නිල වශයෙන් විවෘත කර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරනු ලබයි.

ප්‍රථම වරට දකුණු පළාත කෙන්ද්‍ර කර ගනිමින් පරික්ෂණ කාලයකින් පසුව ජාතික විදුලි පද්ධතියට මෙම බලාගාරය සම්බන්ධ කරන අතර මේ වනවිට මාතර ප්‍රදේශයේ ද මෙවැනිම පද්ධතියක් ස්ථාපිත කරමින් පවතියි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු සහ තෙවන අදියරට නව සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු සහ තෙවන අදියරට නව සැලසුම්

මීට වසරකට පෙර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීය අරමුදල් යොදා නැවත ඉදිකිරීම් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම (39km) පළමු මාර්ග කොටස සහ එහි තෙවන අදියර පොතුහැර ගලගෙදර (32.85km) මාර්ග ව්‍යාපෘතියත් කඩිනමින් නිම කිරීමට ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කටයුතු ආරම්භ කර ඇත.

එහිදී ඉදිකිරීම් වල නිරත සමාගම් කළමණාකාරීත්වය සමඟ ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා නව යෝජනා ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එමෙන්ම සේවක කණ්ඩායම්වල පවතිනන ගැටලු ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම් ඉන්ධන හා ප්‍රවාහන සේවා පිළිබඳවද සාකච්ඡා කළ බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

විශේෂයෙන් සේවක කණ්ඩායම්වල සුභසාධනය වැටුප් ගෙවීම් ආරක්ෂක තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද දේශීය කොන්ත්‍රාත් සමාගම්වලට නව තාක්ෂණය බද්ධ කර ගනිමින් පවතින සේවා තත්ත්වයට වඩා උසස් කාර්යසාධනයක් ක්ෂේත්‍රයට ළඟා කර ගැනීම පිළිබඳව අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රටේ පැවැති ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුවූ බලපෑමත් බුද්ධිගලනය හෙතුවෙන් වෘත්තිකයින් රට හැර යාම තුළින් ඉදිකිරීම් අංශයට සිදු වූපසුබෑම යළි යථාවත් කර ගැනීමට වත්මන් රජය යටතේ සහය ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා කර්මාන්තයට අදාල යෝජනාද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මරණ දඩුවම නියම වු අනෝජන්ට සමාව ගන්න උත්සාහ කරනවා

මරණ දඩුවම නියම වු අනෝජන්ට සමාව ගන්න උත්සාහ කරනවා

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ලබාදී ඇති දඩුවම අඩු කරගැනීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව එක්සත් අරාබි රජය සමග සාකච්ඡා කිහිපයක් සිදුකර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සිවරාසා අනෝජන්ට නීතිඥ සහාය ලබාදීමට එක්සත් අරාබි තානාපති කාර්යාලය මැදිහත්වී වූ අතර විශේෂ නිලධාරියෙක් මේ සඳහා යොමු කළ බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නෑ

පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නෑ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු අනාවරණය වී තිබු බවට අධිකරණය ක්‍රියාවලියේදී හෙළිවෙමින් ඇතැයි මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

එම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු හිතාමාතා වසන් කර ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ හැර තිබු බවට දිගින් දිගටම කළ චෝදනාව දැන් සාක්ෂි මගින් අනාවරණය වෙමින් පවතින බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

සහරාන් ඇතුළු කල්ලිය පාස්කු ප්‍රහාරයට සූදානම් වු මුල් අවස්තාවේ සිටම මෙම තොරතුරු ඉහළම මට්ටමේ පිරිසක් අතට ලැබී තිබු බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්තා නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නොමැති බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කළේ,

“වව්නතිවු සිද්ධිය වෙව්ව ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කරලා තියෙන විදිහට මේක කරේ සහරාන්ගේ කණ්ඩායම කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ.?

තම්බියන් මෙහෙයවන එක්කෙනා එයාගේ සීඕට කියනවා. එයා මුලස්ථානයට යවනවා. අන්තිමට ඔය මාසේ, දෙසැම්බර් මාසෙදී බුද්ධි සමාලෝචන රැස්වීම තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ.

එතකොට ඒකේ ඉන්නවා චූලා කොඩිතුවක්කු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා අතුළු කණ්ඩායම ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා මේගොල්ලෝ කියනවා, හමුදා නිලධාරීන් යුද හමුදා බුද්ධි අංශයේ.

මේක කලේ සහරාන්ලගේ කණ්ඩායම කියලා. ඒගොල්ලෝ එහෙම කීවට මොකක්ද වුණේ. චූලා කොඩිතුවක්කු මහත්තයා අත්සන් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලියුම් යවනවා, දෙමළ අය කළේ. LTTE එකට සම්බන්ධ අය කළේ කියලා.

තනිකර මේක LTTE පැත්තට හරවන්න උත්සාහ කරනවා. එතකොට මොකක්ද අරමුණ, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා උසාවියේ කිවුව විදිහටමත්, සහරාන් ඒ වෙලාවේ අහුවුණා නම්,

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නෑ. පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙකුත් නෑ. පාස්කු ප්‍රහාරය නැත්නම්, සමහරවිට ඒ කාලයේ විමර්ශන කරලා ශානි අබේසේකරලා විමර්ශනය කරලා, ගෝඨාභය රාජපක්ෂලා මෙලහට ඇතුලේ.”

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මේ බව සඳහන් කරයි.

පොලීසියෙන් කෝටියක පොල්ලක්.. DNA වාර්තාවෙන් එළිය⁣ට

පොලීසියෙන් කෝටියක පොල්ලක්.. DNA වාර්තාවෙන් එළිය⁣ට

DNA වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථානවලින් අය කර ගත යුතු රුපියල් කෝටියක ආසන්න මුදලක් අය කර ගැනීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ අලුත් වාර්තාවක සඳහන් වේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්‍යා හා DNA අංශය මගින් එම DNA වාර්තාවක් නිකුත් කිරීමේදී ගාස්තුවක් අය කරන අතර පසුගිය 2014 වසරේ සිට 2023 වසර දක්වා අය කරගත යුතු මුදලක් මෙසේ අය කර ගැනීමට කටයුතු කර නැතැයි එම වාර්තාවේ සඳහන් වේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

Follow WhatsApp Channel