සිපෙට්කෝ ඉන්ධන මිලේ වෙනසක්.?

LIVE

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණද, මෙරට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

එනිසා ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් රජයට කරුණු වාර්තා කර ඇති අතර එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද රටේ පාරිභෝගිකයා කෙරෙහි ද අවධානය යොමු කරමින් අවසන් තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සෑම මසකම අවසානයේ සිදුකරන මිල සංශෝධනය පරිදි, පවතින තත්ත්වයන් සහ සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බලා මෙම මස අවසානයේදී ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සමයේ මෙන් රජය මැදිහත් වී ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ මිල ගණන් සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීම වැනි ක්‍රමවේද කිහිපයක් ඔස්සේ අවධානය යොමුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (14) දින පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?