LIVE
බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට අද(12) දින යළිත් කැඳවා ඇත.
පසුගිය සිකුරාදා එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට අද (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ඒම කැඳවීම සිදුකර ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි.

