නේපාලයට යළිත් හදිසි ගංවතුර තත්ත්වයක්

LIVE

අද (11) දින නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට යළිත් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මහාමාර්ග, නිවාස සහ පාලම් රැසක්ද මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙම ගංවතුර තත්ත්වයෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටින බවද සඳහන් කරයි.

අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව නවතම තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නිරන්තරයෙන් දැනුම් දීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?