ඔලුවෙන් හිටගෙන කීවත් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බෑ

LIVE

ඔලුවෙන් හි⁣ටගෙන කීවත්, මහ බැංකු හොරකම සිදුකළ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බැරි බවත් පුළුවන්නම් ලංකාවට ගෙනත් පෙන්නන ලෙසට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

අද (09) දින පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

අර අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු හොරකම කරපු මිනිහා රටින් යැවුවේ කවුද.? අද මෙි රටේ ප්‍රධාන ආයතනයක ප්‍රධානියා. පාස්පොට් එක දෙනකොට එයා අධිකරණයේ කොටුව මහේස්ත්‍රාත්. තුන් පාරක්.

කිසිම කොන්දේසියකින් තොරව තමයි එයාට පාස්පොට් එක දුන්නේ. තුන් පාරක් ලංකාවට ආවා ගියා. හතරවෙනි පාර තමයි අර්ජුන මහේන්ද්‍රන් නැවතුනේ. ඉතිං එයා අද, එයාට කොන්දේසි නැ.

මම රට යනකොට, රජයෙන් මම රට යනකොට මගේ පාස්පොට් එකට තව එක්කෙනෙක්ගේ පාස්පොට් එකක් ඇප තියලා දුන්නේ. කිසිම කොන්දේසියක් නැතුව තමයි අද අර්ජුන මහේන්ද්‍රන් ගිහින් ඉන්නේ.

දැන් අර්ජුන මහේන්ද්‍රන් නමත් වෙනස් කරලා. මොකක්ද වෙන නමක් දාගෙන අර්ජුන මහේන්ද්‍රන්. ආයේ අර්ජුන මහේන්ද්‍රන් ගේන්න වෙන්නෑ මේ රටට. ඔලුවෙන් හිටගෙන කීවත්.

ජනාධිපතිතුමා රැස්වීම්වල කීවේ මොකක්ද. දේශපාලන රැස්වීම්වල. පළවෙනිය⁣ටම, අපේ පළවෙනි වැඩේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනවා කිවුවා. පුළුවන්නම් ගෙනත් පෙන්නන්න කියන්න.

මේ ආණ්ඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා. අර්ජුන මහේන්ද්‍රන් ගේන්න බෑ. අර්ජුන මහේන්ද්‍රන් යවපු මිනිහා තමයි අද ලංකාවේ අනිත් මිනිස්සූ හිරේ දාන්නේ.

එයාට තියෙන පළවෙනි නඩුව ආණ්ඩුව පෙරලුනාම පළවෙනි නඩුව තමයි අර්ජුන මහේන්ද්‍රන්ට ⁣පාස්පෝට් එක නිදහස් කරපු මිනිහට තමයි අපි පටන් ගන්නේ පළවෙනි නඩුව. පළවෙනි නඩුව තියෙන්නේ එයාට.

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?