පළමු වේදිකාවට දුම්රිය ගෙනා රියදුරු ගෙදර යවයි.!

කොටුව දුම්රිය ස්ථානයේදී සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉඳිපොලගේ සදහන් කරයි.

එම දුම්රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ සදහන් කරයි.

අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකි වී වේදිකාවේ ගැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close