අනතුරකින් කෝමා වූ පුත්‍රයාගේ සොවින් පියා දිවි නසාගත් මොහොතේ පුතුට සිහිය ඇවිත්.!

මීට මාස තුනකට පෙර මීගමුව දිවුලපිටි මාර්ගයේදී අවුරුදු 24ක තරුණයෙක් රිය අනතුරකට ලක්වී කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර තරුණයාගේ හිසට සිදුව ඇති බරපතළ හානි හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ තරුණයාගේ ජීවිතය බේර ගත නොහැකි බවයි.

එම අනතුරට පත් තරුණයාගේ ඥාතීන් පවසන්නේ මාස තුනක් තිස්සේ සිහිසුන්ව සිටිනා තම පුත්‍රයා පිළිබඳ ඔහුගේ පියා මහත් කනස්සල්ලෙන් පසුවූ බවයි.

කෙසේවෙතත් වෛද්‍යවරු විසින් මීට දින තුනකට පෙර රිය අනතුරට පත් වූ තරුණයාට අවධානම් සහගත විශේෂ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව සඳහන් වේ.

අප කළ විමසීමකදී දිවුලපිටි පොලිසිය පැවසූවේ මෙම ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේ තරුණයාගේ පියා ජීවත්ව සිටි දිවුලපිටිය දූනගහ පල්ලියපිටිය ප්‍රදේශයේ නිවසේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි.

වයස අවුරුදු 48ක් වූ එම පියා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ශල්‍යකර්මයට භාජනය කළ පුතුට සිහිය පැමිණ ඇති බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close