මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා මේ මස 24 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.