LIVE
දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග අද (01) දින ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එලෙස පැමිණ ඇත.
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ගෙන් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික්, ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුගිය අගෝස්තු (14) වැනිදා ඔහු මෙරටට රැගෙන එනු ලැබීය.
