ජීවිත බිළිගත් දිට්වා ව්‍යසනයට අදට වසරක්.. 170ක් තවමත් අතුරුදන්

දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටු ආපදාව සිදුවී අද (26) දිනට වසරක් සපිරේ.

2025 වසරේ අද වැනි දිනක ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ හටගත් අඩුපීඩන කලාපය, පසුව ‘දිට්වා’ නමින් ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් ඇති කළේය.

දිට්වා සමග ඇතිවූ තද වැසි, තද සුළං සහ නායයෑම් වලින් මාර්ග පද්ධති, නිවාස සහ වගාබිම් විශාල ලෙස විනාශයට පත්වු අතර ආපදා හේතුවෙන් 650කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර 173කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්.

මියගිය සහ අතුරුදන්වූ පිරිස සිහිපත් කිරිමේ ජාතික සර්ව ආගමික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද බදුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

එම ජාතික සර්වාගමික වැඩසටහනට සමගාමිව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීම ද සිදුවේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel