ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීරණය පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන බවත් සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිවේදනය කරයි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය ඊයේ (20) දින නිවේදනය කරයි.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් 26ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය පසුගිය නොවැම්බර් (09) වැනිදා අවසන් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel