මුලස්ථානයේ ලිපි ලේඛන සොරකමට දයාසිරි අල්ලයි.. නීතිමය ක්‍රියාමාර්ග ගනී.!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ තිබු අවශ්‍යම ලිපි ලේඛන රැගෙන ගොස් ඇති බවට එම පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ කළ චෝදනාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර සදහන් කරයි.

තමන් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කර එම ධුරයෙන් ඉවත්ව මාස නවයකට අධික කාලයක් ගතවන බවත් එම කාලසීමාවේදී කිසිදු අවස්ථාවක තමා පක්ෂ කාර්යාලයට නොගිය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පක්ෂයේ ගමන් මඟ විනාශ කිරීමට උත්සාහ දරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාර්ශ්වය නියෝජනය කරන තිසර ගුණසිංහ සිදු කර ඇති මෙම චෝදනාව පදනම් විරහිත චෝදනාවක් බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close