LIVE
අධිකරණයට අපහාස කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (07) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවා ඇත.
ඒ අනුව දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව ලබන (15) වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද දින නියම කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එම නඩුව කැඳවනු ලැබුවේය.
පාස්කු ප්‍රහාරයට සැක පිට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග ලබාගැනීමෙන් පසු අදාළ අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශ සහ ක්‍රියා මුල්කරගනිමින් මෙම නඩුව පවරා ඇත.
