LIVE
පසුගිය 2008 වසරේ ත්‍රිකුණාමලයේදී පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ශෂිකුමාර් තේන්මොලි සහ මේරි ඩෙල්ෂියා යන කාන්තාවන් දෙදෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ සේවය කළ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තා නිලධාරිනියන් දෙදෙනා, මීට පෙර කෑගල්ලේ ශාන්ත නමැති පුද්ගලයා අලව්ව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකාරියන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දීපා සඳමාලි සහ අරුණි කවුස් යන නාවික හමුදා කාන්තා නිලධාරිනියන් දෙදෙනා අද (21) දිනයේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
