පාලන පද්ධතියේ දෝෂයක්.. ගුවන් ගමන් 1000ක් අවලංගුයි

LIVE

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රට පුරා ගුවන් ගමන් 1000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇත.

ඊයේ (08) දින රාත්‍රිය වනවිට පද්ධතිය යථා තත්ත්වයට පත්කරගැනීමට හැකිවෙනු ඇතැයි, අපේක්ෂා කෙරුණද, අද දිනයේද ගුවන් ගමන් අවලංගු විය හැකි බව සඳහන් කර ඇත.

හීත්‍රෝ, ස්ටැන්-ස්ටේඩ්, මැන්චෙස්ටර්, බර්මින්ග්හැම් මෙන්ම ස්කොට්ලන්ත ගුවන්තොටුපළ මෙහෙයුම්ද ඉන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රයන් එයාර් ගුවන් සේවය පවසන්නේ ඔවුන්ගේ පමණක් ගුවන් මගීන් 65,000ක් පමණ ඉන් බලපෑමට ලක්ව ඇති බවයි.

“එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල්” පද්ධතිය අක්‍රීය වීම තුළින්, ගුවන් යානාවලට පිටත්ව යා නොහැකි බවත් අදාළ ගුවන් යානා පිටත්ව යාමකින් තොරව වෙනත් නගර සහ විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් යානා ගොඩබැස්විය නොහැකි බවද සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?