කරපු හොර වැඩ හෙළිවෙද්දි හිටපු මැති ඇමතිලා රටින් පනින්න සැරසෙයි

LIVE

සිය බලය භාවිතා කරමින් සිදුකළ විවිධ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳව බුද්ධි අංශ කණ්ඩායම් දැඩි විමසිල්ලෙන් සිටින බව වාර්තා වේ.

එම දූෂණ චෝදනා වලට ලක්ව සිටින ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

තවද, විමර්ශන ආරම්භ වීමත් සමඟ මෙරටින් පිටව ගොස් නැවත මෙරටට නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මේ වනවිට කරුණු රැස් කරමින් පසුවන අතර එම පුද්ගලයින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ වනවිටත් හිටපු මැති, ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest