LIVE
ලබන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්දයෙන් සහනාධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ගණන් හමුවේ මෙරට තෙල් මිල වැඩි කිරීමට සිදුවන බැවින් යම් සහනාධාරයක් ලබාදීලා එය පාලනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“ලෝක වෙළෙඳපොල අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි.
හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි. හොඳ නැද්ද එහෙම.”
අද (20) දින අකුරැස්සේ පැවති ජන රැලියකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
