LIVE
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කිරීමෙන් පසුව, උන්වහන්සේ මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
වසර හයක සිරදඬුවමෙන් ඉතිරි කොටස ගෙවීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස බන්ධනාගාර නිලධාරීන් ඥනසාර හිමිගේ රාජගිරිය නාවල විහාරස්ථානය වෙත ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අතුරුදන් ඥනසාර හිමි මේ වනවිට වැඩවසන ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ වැඩසිටින සෙසු හිමිවරුන් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.
