LIVE
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්රදානය කළ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගිය (01) වනදා විවෘත වරෙන්තු නිකුත් කළ අතර විදේශ ගමන් තහනමක් ද පැනවිය.
ඒ අනුව අදාළ වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.
එලෙස අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
