රෝහලෙන් හමුවු සමූහ මිනීවළ.!

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් වටලනු ලැබූ ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ආශ්‍රිතව තවත් සමූහ මිනීවළක් සොයාගත් බව පලස්තීන වෛද්‍යවරු සදහන් කරයි.

මේ වන විට සොයාගෙන ඇති රෝගීන්ගේ මළ සිරුරු ගණන 9ක් බවත් නවතම ප්‍රහාර මාලාවේ බටහිර ඉවුරේ Nablus අසලදී අවම වශයෙන් තවත් පලස්තීනුවන් දෙදෙනෙකු මරා දමා ඇති බවද සදහන් කරයි.

මේ අතර ඉරානයේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය රැස්වු බව ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා සදහන් කරයි.

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ලෙබනන් ප්‍රදේශයක් වන කෆාර්චූබා රුවයිසාත් අල්-අලාම් හි පිහිටි ඊශ්‍රායල හමුදා භූමියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close