ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට ජාත්‍යන්තර වශයෙන් තහවුරු වේ..!

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් එළිදක්වා ඇති වාර්තාවකින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමේ දී පොලිසිය කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි.

2022 වසරේ මාර්තු සිට 2023 වසරේ ජුනි මාසය දක්වා වූ කාලය අතරතුර මෙරයට විරෝධතා 30ක් පවත්වා ඇති අතර ඉන් 17ක් පොලිසිය විසින් ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි මර්දනය කර ඇති බව මෙම වාර්තාව මගින් වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන් නොසලකා හරිමින්, පොලිසිය විසින් විරෝධතාකරුවන්ගේ පිටුපස සිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා කඳුළු ගෑස් භාවිත කිරීමේ දී ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර අනුගමනය නොකරමින් පොලීසිය දිගින් දිගටම පාසල් අසල සහ ‍පැහැදිලි පිටවීමක් ‍‍නොමැති ප්‍රදේශවලට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඒ මඟින් දරුවන් සහ අවට සිටි සිවිල් ජනතාව නිකරුණේ රසායනික ද්‍රව්‍යවල බලපෑමට නිරාවරණය වූ බව, මෙම වාර්තාවෙන් පෙන්වා තී තිබේ.

මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වගකීම් පැවැරී ඇති ආයතන සහ නිලධාරීන් ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙරට පැවති සිවිල් යුද්ධය අතරතුරදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් 2017 වසරේ සිට අඛණ්ඩව සාමකාමී විරෝධතා වලට එරෙහිව උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිදු කළ සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව ද අදාළ වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා ආයතන පෙන්වා දෙන්නේ, උතුරේ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් අවසන් වී වසර 15ක් නික්ම යෑමෙන් පසුත් එම පළාත් දැඩි ලෙස හමුදාකරණය වී පවතින බවයි.

මුලතිව් දිස්ත්‍රික්කය ලොව වැඩියෙන්ම හමුදාකරණය වූ ප්‍රදේශවලින් එකක් බවට පත්ව ඇති බව එම වාර්තාව මඟින් අනාවරණ කර ඇති අතර මුලතිව් හි පමණක් 60,000ක් පමණ හමුදා භට පිරිසක් ඉතිරිව සිටින බවත් ඒ අනුව එම ප්‍රදේශයේ සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම එක් සොල්දාදුවකු යොදවා ඇති බවත් වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දේ.

විරෝධතා පාලනයට හමුදාව යෙදවීම සම්මතය නොවන බව පෙන්වා දෙන වාර්තාව, එසේ තිබියදීත්, රටේ දකුණේ විරෝධතා කිහිපයකදීම විරෝධතා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම දක්නට ලැබුණු බව පෙන්වා දෙන අතර එම වාර්තාව මඟින් මාන්ව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති යන සියලු දෙනාටම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

වධහිංසා පැමිණවීම හෝ වෙනත් කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විශ්වසනීය චෝදනා සියල්ල සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශනයක් සිදු කර සාධාරණ නඩු විභාගයකින් අනතුරුව වගකිවයුතු සියලු නිලධාරීන් හට ජ්‍යෙෂ්ටත්වය නොසළකා දඬුවම් පැමිණවීම (මරණ දණ්ඩනයට ලක් නොකර) සහතික කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නීතිපතිවරයාට නිර්දේශ කරනු ලබනවා. 

එමෙන් ම සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රියාකිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යොමු කිරීමට, තමන් සතු සියලුම ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ කලාපීය ඉඩ ප්‍රස්ථා භාවිතා කරන මෙන් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයන්හි නියැලී සිටිනආණ්ඩු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා සිටිනවා.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close