IMF නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

LIVE

ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස (01) වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (11) දින පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත මෙහිදී පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව මෙම ක්‍රියාවලිය උදෙසා දක්වන දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඇගයීමට ලක්වූ අතර මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔවුහු එකඟතාව පළ කළහ.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?