LIVE
අමෙරිකාව සමග පවතින මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නව කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ධවල මන්දිරයට දැනුම් දී ඇතැයි ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන මොහ්සෙන් රෙසායි සඳහන් කරයි.
සියලු පෙරමුණු වලින් යුද්ධය අවසන් කිරීම, තහනම් කරන ලද ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන වරායන් සඳහා අමෙරිකානු නාවික සම්බාධක ඉවත් කිරීම එම කොන්දේසි අතරට ඇතුළත් වේ.
නැවත සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කොන්දේසි 07ක් අමෙරිකාවට පනවා ඇති අතර යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නම් ඉරානයේ අයිතිවාසිකම් සහ කොන්දේසි පිළිගන්නා ලෙස ඉරානය සඳහන් කරයි.
