කඳුකර දශකය යටතේ මිලියන දස දහසක ප්‍රතිපාදන හිමිවෙන දිස්ත්‍රික්ක මෙන්න.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් “කඳුකර දශකය” දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන සදහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 10,000කි. කුරුණෑගල, අම්පාර කලුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්ක වල මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

2024 වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාවට නංවා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4109.20කි.

පළමු කාර්තුවේ දී දිස්ත්‍රික්ක 9ක් ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ මාසයේ  රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික් සදහා ද ප්‍රතිපාදන වෙන් කෙරුනු ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close